Iklan

IMF තුන්වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන ගත් තීරණ

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T14:44:43Z
masukkan script iklan disini


 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ 3 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (23) නිවේදනය කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවද එම නිවේදනයේ සඳහන් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෘෘවර් මහතා නායකත්වය දුන් අතර ඔවුන් මෙරට නොවැම්බර් 17 වනදා සිට රැඳී සිටියේය.

2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලදි. එය මාස 48ක් පුරා ක්‍රියාත්මකය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads