Iklan

අවුරුදු 12 ට අඩු දරුවන් වෙළඳ දැන්වීම් සදහා යොදාගැනීම තහනමක්

Friday, December 6, 2024
Last Updated 2024-12-06T16:18:03Z
masukkan script iklan disini

ජනවාරි 01 වැනිදා සිය අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසනවා. 


 අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. 


 නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි. 


 මෙම තීරණය පසුගිය රජයන් වසර 7-8ක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට පසුබට වූ බවත්, නව ආණ්ඩුව එය ලබන වසරේ ජනවාරි සිට බලාත්මක කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.


 පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads