Iklan

චූන් පාන් රියදුරා 23 හැවිරිදි යුධ හමුදා සෙබළිය ඝාතනය කරයි

Friday, December 6, 2024
Last Updated 2024-12-06T16:17:10Z
masukkan script iklan disini

සිදුකළ ආදර ඇරැයුමක් ප්‍රතික්ෂේප කිරීම නිසා සිරිපා අඩවිය පාමුල 23 හැවිරිදි යුද හමුදාවේ හිටපු සෙබළියක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. 


 මෙම ඝාතනය සිදු කළ චූන් පාන් අලෙවියේ නිරත තරුණයකු රත්නපුර සිරිපාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


 චූන් පාන් අලෙවියේ නිරතව සිටින තරුණයා මෙම ඝාතනය කර ඇත්තේ පෙරේදා (04) උදෑසන 7.30ට පමණ සිරිපාගම පොලිස් බලප්‍රදේශයේ කැටවල ගිලිමලේ වෙලේගොඩ මාර්ගයේදීයි. 


 ඔහු ඇගේ හිසට හා සිරුරට පොල්ලකින් පහරදී ඇති අතර ඇය ලේ ගලන තුවාල සහිතව සිටියදී රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය සඳහන් කළා. 


 එම්. අහිංසා සමන්මලි නම් මෙම තරුණිය රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.


 මියගිය යුවතිය වසර හතරක් යුද හමුදා සේවයේ යෙදී සිට පසුව ඉන් ඉවත්ව නිවෙසේ සිටි තැනැත්තියක් වනවා. 


 චූන් පාන් ත්‍රිරෝද රථයේ තරුණයකු ඇගේ ආදරය පතා කිහිපවරක් ඉල්ලීම් කර තිබුණත් ඇය ඊට අකමැත්ත පළ කර තිබූ බව එම තරුණියගේ පවුලේ අය පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads