Iklan

මිනිස්සුන්ට දෙළොව පොල් පෙනෙයි .නගරබද පොල් බෑය 120

Tuesday, December 3, 2024
Last Updated 2024-12-03T08:24:05Z
masukkan script iklan disini

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇත. ග්‍රාමීය ප්‍රදේශවලද මේ දිනවල පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ත් 180 ත් අතර මිලකටය. 


 වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි පොල් තොග නොලැබීම නිසා මෙලෙස පොල් මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති. 


 පසුගිය වැසි සමයේ පොල් අස්වනු නෙළීම අඩුවීමත්, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ගණන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ. 


 පොල් මිල ඉහළ යාම නිසා කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100 ත් 120 ත් අතර මිලකට අලෙවි කෙරේ. 


 ඉදිරි දිනවලදී පොල් ගෙඩියක මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි. මේ අතර, දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 700 ත් 800 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට පිරිපහදු කරන ලද පොල්තෙල් බෝතලයක් අලෙවි කෙරෙන්නේද රුපියල් 580 ත් 600 ත් අතර මිලකටය. 


 ඇතැම් වෙළෙඳුන් මේ දිනවල පාම් තෙල් සමග පොල් තෙල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට ද තොරතුරු අනාවරණය වේ. Bibila News රටේ ලෝකේ සිදුවන ප්‍රවෘත්ති වටිනාකමක් ඇති ඕනෑම සිදුවීමක් නිවැරදිව, එසැනින් ඉදිරිපත් කරන සයිබර් අවකාශයේ විශ්වසනීයම පුවත් ඉදිරිපත් කරන්නා. බිබිල නිවුස් .

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads