හෙවනට ඉන්න තිබුණේ මේක විතරයි ඒකත් අබලන් . මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුල්ලේගම ගම්මානයේ පිහිටාතිබෙන පිරිවෙන ආසන්නයේ ඇති මේ බස් නැවතුම්පොළ එම ගම්මානයේ ජනතාව ඔවුන්ගේ එදිනෙදා ජීවිකාවන් කරගැනීමට බිබිල නගයට හෝ ඉගිනියාගල,අම්පාර නගරවලට යෑමට අවශ්‍යවූ වේලාවන් වලට මාර්ගයට පැමිණ බස් රථයක් පැමිණෙන තුරු ඔවුනට තිබූ තාවකාලිකව තනාතිබූ බස් නැවතුම්පොළ අබලන්ව ඇති හෙයින් මහත් අසීරුතාවයකට මුහුණපා ඇති බවට එම ප්‍රදේශයේ ජනතාව බිබිල නිවුස් මාධ්‍ය ජාලය වෙත පැවසුවා.
ප්‍රදේශයේ ජීවත්වන ජනතාව නගරය වෙත යෑමට විත් බස් රථයක් හෝ වෙනත් වාහනයක් එනතුරු ගිනි කාෂ්ඨක අව්වේ පැය ගනන් සිටින බවයි ඔවුන් තවදුරටත් අප වෙත අවධාරණය කර සිටියේ .
ඔවුනට මගී ආවරණයක් තනාදෙන දෙන්න පුළුවන් සංවිධායක් හෝ රජයේ අදාළ බළධාරියෙක් සිටි නම් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ .
බිබිල නිවුස් අපද ඉල්ලා සිටින්නේ මේ ජනතාව වෙනුවෙන් මේ කාරනාව පිළිබඳව මොනයම් හෝ දෙයක් කිරීමට හැකිනම් බොහෝ සේ වටින බවයි .

