Iklan

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසියි.විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට

Sunday, December 1, 2024
Last Updated 2024-12-01T16:55:34Z
masukkan script iklan disini

2022 වසරේදී පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවන ලද නාමයෝජනා අහෝසි කර දැමීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.


 පසුගිය සඳුදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අදාළ තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


 ඒ අනුව 2022 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. 


 එමෙන්ම පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 41 දෙනෙකු මෙවර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී ඇති බව සඳහන්. 


 2022 වසරේ ලියාපදිංචි ඡන්ද ලැයිස්තුවට අනුව මැතිවරණය පවත්වන්නේ නම් ඉන් පසුව ලියාපදිංචි වූ ඡන්දදායකයන් ලක්ෂ 4කට පමණ අසාධාරණයක් සිදුවන බවට පක්ෂ නායකයින් පෙන්වාදී ඇති බවයි, ජාතික පුවත්පතක් කරුණු වර්තා කළේ.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads