Iklan

සඳ ගමන ප්‍රමාදයි.නාසා වෙතින් නිවේදනයක්

Friday, December 6, 2024
Last Updated 2024-12-06T16:15:52Z
masukkan script iklan disini

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබෙනවා. 


 නිවේදනයක් නිකුත් කරමින් නාසා ඒජන්සිය සඳහන් කරන්නේ 2026 දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවයි. 


 මීට අමතරව, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ 'පාත්ෆයින්ඩර් මෙහෙයුම' (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන්.


 විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි ගැටළු සමඟ සම්බන්ධ වන බවයි. 


 එනම්, පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන්.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads