masukkan script iklan disini
තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංකා T10 තරගාවලියේ ගෝල් මාවලර්ස් කණ්ඩායමේ හිමිකරු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් ශේම් ටකාර් නමැති ඉන්දිය ජාතිකයා ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව අද (13) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම්දුන්නේ, සිය සේවාදායකය පාපොච්චාණ ස්වරූපී ලෙස ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ඊට ඉඩ ඇති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

