Iklan

ඖෂධ හිඟය මැඩලන්න ජාත්‍යන්තර ආයතනික ක්‍රම

Thursday, December 12, 2024
Last Updated 2024-12-12T12:01:13Z
masukkan script iklan disini
ඖෂධ හිඟය මැඬලීම සඳහා ජාත්‍යන්තර ආයතනික ක්‍රම අධ්‍යයනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, සෞඛ්‍ය කෂේත්‍රය තුළ ආයතින සබඳතාවයන් නොමැති වීම හේතුවෙන් ඖෂධ සම්පාදන ක්‍රමවේදය මන්දගාමී තත්ත්වයකට පත්ව ඇති බවයි. එමෙන්ම ඖෂධ සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ආයතන කිහිපයක් පවතින නමුත් ඔවුන් හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර පැවැති සම්බන්ධීකරණය ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින බව නිරීක්ෂණය වී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ඛාණ්ඩ කර ඇති බවත් එම ඖෂධ උසස් ගුණාත්මක තත්ත්වයෙන් හා අඛණ්ඩ සැපයුමකින් පැවතිය යුතු බවත් සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, නිසි කලට ඖෂධ ලැබීම හා ඒවා මහජනයාට මිලදී ගත හැකි මුදලකින් යුක්ත විය යුතු බවයි පෙන්වා දී තිබුණේ. රජය හා ඖෂධ සැපයුම් ආයතන සිය කාර්යයභාරය ඉටු කිරිමේදී මූලාරම්භයේ සිටම නිසි සම්බන්ධීකරණයක් නොමැති අකාර්යක්ෂම තත්ත්වයේ පැවතීම නිසා ගැටලු රැසක් මතු වී ඇතැයිද, පවතින ගැටලු නිරාකරණය කොට අඛණ්ඩ හා කාර්යක්ෂම ඖෂධ සැපයුමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads