Iklan

මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට කඩාපැන රෝහලේ කාර්ය මණ්ඩලයට ඇණයක් වෙයි

Tuesday, December 10, 2024
Last Updated 2024-12-11T17:17:41Z
masukkan script iklan disini

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්‍යක්ෂ යාපනය පොලිසියට අද පැමිණිල්ලක් කළ බව යාපනය පොලිසිය කියයි.


 මන්ත්‍රීවරයා රෝහලට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් හැසිරුණු බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ටි. සත්‍යමූර්ථි මහතා පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ. 


 පොලිසිය පැවසූවේ යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවයි.


 පොලිසිය පැවසූයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා බහින්බස්වී ඇති බවත් ඔහු රෝහල් වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහාද යන්න මෙතෙක් අනාවරණ නොවූ පොලිසිය කියයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads