Iklan

හදුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනයේ තිදෙනකු මරුට

Wednesday, December 11, 2024
Last Updated 2024-12-11T17:19:17Z
masukkan script iklan disini

යාපනයේ පැතිර යන බව කියන උණ රෝගයක් සම්බන්ධයෙන් ඊයේ (10) දින සිට වි‌ශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


 ඒ, යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු දින දෙකක් තුළ හදිසියේ මිය යාමේ සිද්ධියක් හේතුවෙන්. රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අප වාර්තාකරු සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි.


 මරණයට හේතු වූ බව කියන උණ රෝගය නිශ්චය වශයෙන් හඳුනාගැනීමට පෙර ඔවුන් මිය ගොස් ඇති බව සඳහන්. 42, 32 සහ 28 යන වයස් කාණ්ඩවල පසුවූ පුද්ගලයින් තිදෙනෙකු රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගොස් තිබෙනවා. 


 ඉන් 28 හැවිරිදි පුද්ගලයා කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර තිබූ බව සඳහන්. 


 යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, උණ හා කැස්ස වැළදී ඇති රෝගීන් වහාම ළගම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා යෝග්‍ය බවයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads