Iklan

යහලුවා සමඟ යතුරුපැදිය සේදීමට ගිය තරුණයා ලිදට වැටී මරුට

Sunday, December 8, 2024
Last Updated 2024-12-08T15:53:18Z
masukkan script iklan disini
අද සවස දෙකට පමණ කළුතර උතුර පනාපිටිය කෙත්සිරි මාවත ප්‍රදේශයේ සිය යහළුවන් සමඟ යතුරු පැදිය සේදීමට පැමිණි පුද්ගලයකු යතුරුපැදිය සේදීමට භාවිතා කරන බාල්දිය ළිඳට වැටීමෙන් පසු එය නැවත ළිදෙන් බාල්දිය ගැනීමට ගිය පුද්ගලයා දියේ කිලී මරුමුවට පත්ව ඇති බව කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ මයිහංගනය ප්‍රදේශයේ පදිංචි කවිශ නැමැති 18 තරුණයෙකු වන අතර ඔහු ඊයේ දින රැකියාවක් සොයා ගැනීම සඳහා කළුතර උතුර පනාපිටිය ප්‍රදේශයට පැමිණ තිබේ. හෙට දින මියගිය තරුණයා මෙම යහළුවන් දෙදෙනා සමග සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණ ඇතැයි ඔවුන්ගේ යහළුවන් කියා සිටි. මියගිය පුද්ගලයාගේ සිරුර එම මොහොතේම ළිඳෙන් ගොඩට ගත්තද ඔහු මේ ඒ වන විටත් මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads