Iklan

හර්ෂන නානායක්කාර ඉදිරියේ ආචාර්ය යනුවෙන් සදහන් වීම තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ අතපසු වීමක්

Friday, December 13, 2024
Last Updated 2024-12-13T08:34:19Z
masukkan script iklan disini
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව නිවේදනයේ සඳහන් වෙයි. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බවත් ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවත් පාර්ලාමේන්තුව නිවේදනය කරයි මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව කර ඇති අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදු කරමින් පවතී.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads