Iklan

දකුණු කොරියානු ජනාධිපති යූන් සමාව අයද සිටියි

Saturday, December 7, 2024
Last Updated 2024-12-07T08:31:00Z
masukkan script iklan disini

පසුගිය අඟහරුවාදා යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතියෙන් සමාව ඉල්ලා තිබෙනවා.


 විනාඩි දෙකකට පමණ සීමා වූ ඔහුගේ එම ඇමතීමේදී ජනපතිවරයා පවසා ඇත්තේ නැවතත් ඔහු එලෙස සිදු කරන්නේ නැති බවයි. 


 තම ක්‍රියාව පාදකකරගෙන රජය පෙරලා දැමීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් එහිදී විපක්ෂයට දොස් පවරා ඇති බවත් සඳහන්. 


 තමා කිසිවිටකත් ඉල්ලා ඇස්වන්නේ නැති බවත් ඉදිරියටත් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. 


 කෙසේ වෙතත් අද දිනයේ ජනපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට දකුණු කොරියානු විපක්ෂ ක්‍රියාකාරීන් තීරණය කර ඇති අතර, විපක්ෂ සන්ධානයට යූන්ගේ පක්ෂයේ සාමාජිකයින් අට දෙනෙකුගේ සහය අවශ්‍ය වණු ඇති. 


 මේ අතර, මීට පෙර දෝෂාභියෝගයට පිටුබලය දීම ප්‍රතික්ෂේප කළ ජනපතිවරයාගේ පක්ෂ නායකයා දැන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බවයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads