Iklan

වකමුල්ල රාජාගේ ගෝලයෙකු අයිස් සමඟ අත්අඩංගුවට

Sunday, December 1, 2024
Last Updated 2024-12-01T13:10:33Z
masukkan script iklan disini

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින වකමුල්ල රාජා යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදීයි.

 එහිදී සැකකරු සන්තකව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලි ග්‍රෑම් 200 ක් සහ ජංගම දුරකතනයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

 අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයක් වනවා. 

 පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශන සඳහා සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි. 

 මේ අතර විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන විමල් ශාන්ත නොහොත් උනාකුරුවේ ශාන්ත යන අයගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව කොට්ටාව පොලිස් වසමේ සිදුකල වැටලීමකදීයි. 

 එහිදී කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් ග්‍රෑම් 50යි මිලි ග්‍රෑමි 750ක් සහ ජංගම දුරකතනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 සැකකරු හතුරුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු වන බවයි පොලිසිය පැවසුවේ.

 අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads