Iklan

ලංකා T10 තරගාවලියට එක්වූ කළු පැල්ලම

Friday, December 13, 2024
Last Updated 2024-12-13T04:12:19Z
masukkan script iklan disini
මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින්. තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සම්බන්ධයෙන් සැකකරු විසින් යෝජනා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව සඳහන්. එම පැමිණිල්ල අනුව පසුගිය 11 වැනිදා විශේෂ කණ්ඩායමක් නුවර පල්ලේකැලේ ප්‍රදේශයට ගොස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි අදාළ සැකකාර ඉන්දිය ජාතිකයා සිය භාරයට ගෙන ප්‍රශ්න කර ඇත්තේ. ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads