Iklan

EGB පානය කළ තරුණියක් රෝහලේ

Thursday, January 2, 2025
Last Updated 2025-01-02T14:29:21Z
masukkan script iklan disini
Paid Advertisement Home Local Local අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ් – ඇඟ ඇතුල පිච්චුණු තරුණිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි By newscenter -January 2, 2025886 5 පැණිබීම වර්ගයක් පානය කළ තරුණියක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා. එම පැණිබීම බෝතලයේ තිබී ඇත්තේ යම් ඇසිඩ් වර්ගයක් බවයි ඇයගේ සහෝදරය මුහුණු පොතේ සටහනක් තබමින් පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සහෝදරයා මුහුණු පොතේ තැබූ සටහන , උපුටා ගැනීම, අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්. Tldr; My sister is currently in the ICU after drinking a sealed, unexpired Elephant House Ginger Beer from Mihiri Foods – People’s Park, Colombo. ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්. නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මාරාන්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්‍යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්. Elephant House or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැරෙන්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා. ඔය batch එකේ මාරාන්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද?? You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened. Update: කතා කරපු හැමෝටම ස්තූතියි. නංගිගේ තත්වය ඊයෙට වඩා හොද අතට හැරෙමින් තියෙනවා. උපුටා ගැනීම අවසන් …..
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads