Iklan

ඉදිරි දින 3 තුළදී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:44:58Z
masukkan script iklan disini

 


පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 


ඒ අනුව හෙට (27) දිනය, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව  විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම්දෙයි.


අද (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ඒ බව පැවසීය.  


"ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා."


"සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ."


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads