Iklan

රන්ජන් රාමනායකට ජනපතිගෙන් දුරකථන ඇමතුමක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:40:36Z
masukkan script iklan disini

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වරදක් මේ දිනවල නොදුටු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා.


මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියාසිටියේ, වත්මන් රජය නාස්තිය අවම කිරීමට කටයුතු කර ඇති බවයි.


“අද උදේ ජනාධිපතිතුමාගෙන් කෝල් එකක් ආවා. මම එතුමාගේ උපන්දිනයට සුබ පතන්න ගත්තා. ඒකට රිටන් කෝල් එක අද උදේ ආවා. ඉතිං ටිකක් වෙලා කතා කරගෙන ඉඳලා තිබ්බා. අපි බොහෝ දේවල් නිකම් කතා කරගෙන හිටියා. අපි පාර්ලිමේන්තුවේ හිටිය පැරණි මිත්‍රයෝ.


මාධ්‍යවේදීයා – වැරදි අඩුපාඩු පෙන්වලා දෙන්න ඔබතුමා කටයුතු කරනවා ද.?


රංජන් – මේ ටිකේ නම් වරදක් පේන්න නැහැ මල්ලි. අවංකව කියන්න එපැයි. මේ රජය පෙන්නුවේ නාස්තිය ගැනනේ. ඉතිං, ඒ නාස්තිය නවත්වන්න වැඩ කරලා තියෙනවා. එතුමා පූර්වාදර්ශයක් වෙලා තියෙනවා.


කෝකියෝ, කුඩ, අධික ගුවන් ගමන්, විදේශ සංචාර වගේ දේවල් අඩු කරලා තියෙනවා. ඉහළම ඉන්න කෙනා නාස්තිය අඩු කරලා පෙන්නුවාම එතකොට පහළට ගලාගෙන එනවානේ. එතුමාට බනින්න දෙයක් මේ ටිකේ කරලා නැහැ කියලා මම විශ්වාස කරනවා. එතුමාට ඡන්දය දුන්න ජනතාවත් විශ්වාස කරනවා.


මම එතුමාට කිව්වා. ඒ විශ්වාසය නැති කරගන්න එපා. ඔබව ගොඩාක් විශ්වාස කරලා තියෙනවා. එතකොට එතුමා කිව්වා, කවදාවත් ඒ විශ්වාසය නැති කරගන්නේ නැහැ කියලා.”


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads