Iklan

පිල්ලෙයාන් පැය 5කට පසු CID යෙන් පිටව යයි

Thursday, November 21, 2024
Last Updated 2024-11-20T18:58:01Z
masukkan script iklan disini

 


අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටවගොස් තිබේ.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එලෙස ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව ඉකුත් වසරේ ජුනි මස 08 වනදා ආන්දෝලනාත්මක විඩියෝවක් විකාශය කරනු ලැබීය.


එම වීඩියෝවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙකි. 


අනතුරුව අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.


ඒ අනුව එකී විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads