නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අද (20) පැවති සාකච්ඡාවේදී රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව තීරණය කර ඇත.
එම කමිටුවේ ලේකම් ලෙස නීතිඥ යසස් ද සිල්වා මහතා පත් කර ඇති අතර කමිටු සාමාජිකයන් වශයෙන් නීතිඥ කුමාර් දුනුසිංහ මහතා, නීතිඥ ඉන්දික වේරගොඩ මහතා සහ ආචාර්ය විතානගේ මහතා පත් කර ඇත.
මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය වී ඇති අතර එය ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කළේය.
අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කලේය.

