Iklan

බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ අයෙකුට වසර 8ක සිර දඬුවම්

Monday, November 25, 2024
Last Updated 2024-11-25T14:04:51Z
masukkan script iklan disini

 


බාල වයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිතව වසර 08 ක සිර දඬුවම් නියම කළේය.


ඊට අමතරව රුපියල් 10000/- ක දඩයක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කළ විනිසුරුවරයා වින්දිත දරුවාට රුපියල් ලක්ෂ දෙකක  වන්දියක් ගෙවන ලෙසත් අද (25) නියෝග කළේය.


සිය මව සහ සහෝදරිය සමඟ වෙසක් කලාපයට පැමිණ සිටි මෙම 11 හැවිරිදි දරුවාව වෙසක් කූඩුවක් සාදා දෙන බව පවසා සූක්ෂම ලෙස රවටා කුටියක් තුළට රැගෙන ගොස් විත්තිකරු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව නඩු විභාගයේ දී අනාවරණය විය.


නඩු විභාගයේදී අධිකරණය හමුවේ පෙනී සිටි  වින්දිත දරුවාගෙන් විනිසුරුවරයා කළ ප්‍රශ්න කිරීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙම අපරාධය හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් පාසල් යාමට පවා නොහැකිවූ බවය.


විනිසුරුවරයා එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මෙම වරද සිදු කරන අවස්ථාවේදී විත්තිකරු එක්දරු පියකු වශයෙන් පසුවූ බවත් එවැනි තත්ත්වයක් යටතේ ඔහු විසින් සිදුකළ වරද සුළුවෙන් තැකිය නොහැකි බවය.


ඒ අනුව දඬුවම් නියම කිරීමේදී එම කරුණු සැලකිල්ලට ගත යුතුව තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.


ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නේය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads