masukkan script iklan disini
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනැමිණි.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර ඇත.

