Iklan

කොස්ලන්දෙන් හමුවූ හිස නැති මළසිරුරේ අභිරහස හෙළිවෙයි

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T15:19:24Z
masukkan script iklan disini


කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ඊයේ (22) ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.


එහිදී අලුත් අනියම් සැමියා හා අනියම් බිරිය එක්ව පරණ අනියම් සැමියාගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.


අදාළ පුද්ගලයාගේ ඔළුව එක තැනක වලදමා කඳ කොටස වෙනත් තැනක දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


මිය ගිය පුද්ගලයාගේ මව විසින් පසුගිය 18 වන දින තණමල්විල පොලිසියට පැමිණි සිය පුත්‍රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.


එහිදි සිය පුත්‍රයා හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සබධාතාවයක් පවත්වාගෙන ගිය බවයි ඇය පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.


ඒ අනුව තණමල්විල පොලිසිය අදාල කාන්තාවගේ නිවසට ගොස් මේ පිළිබදව ප්‍රශ්න කර ඇති අතර එහිදි එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ කැබ් රථය තම නිවසේ නවතා ගිය බවත්, යන ස්ථානයක් පිළිබදව කිසිවක් නොකියූ බවත් ය.


ඒ අනුව තණමල්විල පොලිසිය වැඩිදුරටත් සිදු කළ විමර්ෂණවලදි අනාවරණය වුයේ මෙම කාන්තාවට බලහරුව ප්‍රදේශයේ තවත් අනියම් සැමියෙකු සිටින අතර ඝාතනයට ලක් වු පුද්ගලයා එම පුරුෂයා සමග යතුරු පැදියකින් කොස්ලන්ද දෙසට ගොස් ඇති බවයි.


ඒ අනුව පොලිසිය යළිත් එම කාන්තාව පොලිසියට ගෙන්වා සිදුකල ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් අනියම් සැමියාගේ තොරතුරු ලබා දි තිබෙනවා.


එම කාන්තාවගේ ප්‍රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ලෙන ප්‍රශ්න කර ඇති අතර එහිදී එම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව සමග තමන්ගේ අනියම් සබධතාවයක් පවතින බවයි.


ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ අතර එම කාන්තාවගේ ඉල්ලීම පරිදි මරණකරු සමග සුහදත්වයක් ගොඩනගාගෙන කොස්ලන්ද ප්‍රදේශයේ ගංජා හේනක් සකස් කිරිමට බව පවසා රැගෙන ගොස් කැලය තුළදි කැත්තකින් ගෙල කපා ඝාතනය කළ බවට ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.


ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔළුව කදින් වෙන් කර වෙනම ස්ථානයක වල දැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇලක් ආසන්නයේ දමා ගිය බවත් තමන් රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැලයේ සගවා ආ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.


සැකකරුගේ මගපෙන්වීම මත ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට පොලිසිය කොස්ලන්ද ප්‍රදේශයට ගොස් තිබෙනවා.


එහිදී ඝාතනය කර දමා සිටි පුද්ගලයාගේ සරිර හා වල දමා තිබූ ඔළුව කොටස මෙන්ම කැලයේ සගවා තිබූ කැත්ත හා උදැල්ලද පොලිසිය විසින් සොයා ගත් බවයි සඳහන් වන්නේ.


ඒ අනුව සැකකාර අනියම් බිරිය හා බලහරුව පදිංචි සැකකරු සමග යතුරු පැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads