Iklan

විදුලි බිල අඩුවීමට බාලගිරිදෝෂය

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T15:55:23Z
masukkan script iklan disini

 


විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා තිබෙනවා.


ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් මීට දින 45කට පමණ පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණා.


එහෙත් එම යෝජනාවලියේ ඉදිරිපත් කර තිබූ විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව පවසා යළි එය සකස් කර එවන ලෙසට එම කොමිෂන් සභාව දැනුම් දුන්නා.


ඒ, තවත් සති දෙකක කාලයක් ලබා දෙමින්. එම සති දෙකක කාලය පසුගිය 08 වනදායින් අවසන් වූ අතර යෝජනාවලිය සකස් කිරීම සඳහා තවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීම් කර තිබුණා.


එම කාලය ඊයේ දිනයෙන් අවසන් වූ අතර අදාළ යොජනාවලිය සකස් කිරීමට තවත් සති දෙකක කාලයක් විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads