Iklan

IPL ඉතිහාසය අලුත් කළ ළාබාලතම ක්‍රීඩකයා

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T07:44:36Z
masukkan script iklan disini

 


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට 13 හැවිරිදි දරුවෙකු සමත්ව තිබේ.


ඒ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෙසෙන වෛභවි සූර්යවංශි නම් ක්‍රීඩකයෙකි.


ඊයේ (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැති IPL වෙන්දේසියේදී මොහු ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගනු ලැබීය.


දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තියුණු තරගයකින් අනතරුව ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසානයේදී වෛභවි සූර්යවංශි මිලදී ගත්තේය.


IPL ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි වෛභවි සූර්යවංශි වාර්තා අතරට එක්වෙයි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads