Iklan

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

Friday, November 22, 2024
Last Updated 2024-11-22T14:35:48Z
masukkan script iklan disini

 


අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත පිළිගන්වනු ලැබීය.


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ගෝමික උඩුගමසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි. 


එමෙන්ම අමෙරිකාවේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධියද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත.


ගෝමික උඩුගමසූරිය මහතා පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර, ඔහු අමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට එක්ව තිබේ.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads