Iklan

හිරු මාධ්‍ය ආයතනයේ පුවත අසත්‍යයක්! රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T02:48:54Z
masukkan script iklan disini

 

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පලකල හිරු ආයතනය පිළිබදව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


එහි සඳහන් වන්නේ ඊයේ දින (21) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ පුටුවෙහි හිදගත් මාලිමාවේ මන්ත්‍රීතුමා ලෙස එම ආයතනය ව්‍යාජ පුවතක් පලකර ඇති බවයි.


යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන කණ්ඩායම් අංක 17 යටතේ තරඟ වැදි පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාමනාදන් අර්චුනා මහතා මෙලෙස විපක්ෂ නායකවරයාගේ අසුනේ හිදගෙන සිටිය බවත් ඊට ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් කිසිවෙක් සම්බන්ධ නැති බවත් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සදහන් කරනවා.


එම නිසා මාලිමාව සම්බන්ධ කර ගෙන හිරු ආයතනය ප්‍රචාරය කළ මෙම ප්‍රවෘත්තිය අසත්‍ය හා පදනම් විරහිත බව සියලු මාධ්‍ය ආයතන වෙත දන්වන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුත් ලිපියක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.


ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එබදු සාවද්‍ය වාර්තාකරණයන් නිවැරදි කරන ලෙසත් වගකිව යුතු හා නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් එක්වන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින බවයි.




iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads