Iklan

රටම පුදුම කරමින් නිධානයක් ගොඩ ගන්න අධිකරණයෙන් නියෝගයක්! රජය කැනීම් අරඹයි!

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T03:31:58Z
masukkan script iklan disini

 

වේයන්ගොඩ වඳුරුව ප්‍රදේශයේ ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් ගොඩ සොයා මේ වනවිට රජය විසින් කැනීම් කටයුතු සිදු කරමින් ඇත.


ඒ අධිකරණ නියෝගයක් මතයි.


අධිවේගී මාර්ගය ඉදිකිරීම් සිදුකරමින් ඇති ආසන්න ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇත.


අදාල නිධානය ගොඩ ගැනීම උත්සාහ කරන ලද සැකකරුවන් පිරිසක් වේයන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


මෙහි නිධානයක් ඇති බවට පවසමින් බොහෝ අවස්ථාවල එය ගොඩ ගැනීම් උත්සාහයන් රැසක් වාර්තා වීම් මත අත්තනගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි එහි නිධානයක් තිබේදැයි සොයා බැලීමට මෙම කැණීම් ද ආරම්භ කර තිබේ.


මෙම කැණීම් කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රජයේ රස පරීක්ෂක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසකම නිලධාරින් හැටකට අධික පිරිසක් එක්ව සිටී.


රටේම ණය වුවත් ගෙවා දැමිය හැකි තරම් ධනයක් මෙම නිධානයේ ඇති බවට ජනප‍්‍රවාදයේ ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසති.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads