masukkan script iklan disini
නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකවේ නිලධාරීන් විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු පැමිණි ඇති අතර ඔහු සතුව තිබී දුම්වැටි 59980ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

