Iklan

පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පනී

Sunday, November 24, 2024
Last Updated 2024-11-24T16:03:55Z
masukkan script iklan disini

 


වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ.


පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවය.


දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ.


මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් බව වාර්තා වෙයි


මියගිය සිසුවිය, සිය මිතුරියගේ අතින් අල්ලාගෙන ජලාශයට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය.


දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.


මියගිය සිසුවියගේ ප්‍රේම සම්බන්ධයකට නිවැසියන් අකමැත්ත පළකිරීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවට ඇය විසින් ලියා තිබූ ලිපියකින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads