Iklan

බදුල්ල - බිබිල මාර්ගයේ වාහන ධාවනය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Monday, November 25, 2024
Last Updated 2024-11-25T07:11:56Z
masukkan script iklan disini

 


බදුල්ල - බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශය වාහන ධාවනය සීමාකිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව අදාළ මාර්ගය අද (25) උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා විවෘත කරන අතර සවස 6.00 සිට හෙට (26) උදෑසන 6.00 දක්වා මාර්ගය වසා තැබීමට නියමිත බව පොලීසිය දැනුම් දී ඇත.


අදාළ මාර්ගයට ඉහළින් ඇති කන්ද නායයෑම හේතුවෙන් 2024.11.18 වන දින සිට රථවාහන ගමනාගමනය නවතා තිබුණි.


පසුව ඊයේ (24) දිනයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා විසින් එම ස්ථානය පරීක්ෂාවට ලක්කර ඇත. 


පවතින කාලගුණික තත්ත්වයන් අනුව මාර්ගය විවෘත කරනු ලබන වේලාවන් වෙනස් විය හැකි බවට වැඩිදුරටත් දැනුම් දී ඇති අතර අදාළ ස්ථානයේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීමේ රාජකාරි සඳහා පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන් යොදවා ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads