Iklan

මන්ත්‍රී අර්චුනා ගැන කරන්න යනදේ කථානායක කියයි

Monday, November 25, 2024
Last Updated 2024-11-25T14:12:44Z
masukkan script iklan disini

 


මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සහ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරන බව කථානායක අශෝක රංවල මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.


මාධ්‍යවේදීයා - අර්චුනා කියන මන්ත්‍රීවරයාගෙන් අශෝභන සිද්ධියක් වෙනවා පාර්ලිමේන්තුවේ ? 


කථානායක ආචාර්ය අශෝක රංවල - "ඒ ක්‍රියාමාර්ගය වෙනකොට කථානායකවරයෙක් පත්කිරීමවත් නිමවෙලා නැහැ. ඒක නිසා එම කටයුතු සිදුවුණේ නිල භාවයකින් නෙමෙයි. ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න නෛතිකව අපිට හැකියාවක් නැහැ. ඉදිරියේදී  ඒ මන්ත්‍රීවරයා සමග සහ අනෙක් මන්ත්‍රීවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එහෙම විනය විරෝධී හෝ සදාචාර විරෝධී දෙයක් වෙලා තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා."

මාධ්‍යවේදීයා - දෙමළ ඊළාම් රාජ්‍යයේ  සිට කියලා ඔහු ඔහුගේ ප්‍රචාරය ආරම්භ කරන්නේ ?


කථානායක අචාර්ය අශෝක රංවල - "ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය ඉතාමත් පැහැදිලියි. එහෙම දෙයක් ජනතාව අද රට තුළ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සියලු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් එක්වෙයි. නමුත් තව පාර්ශවයක් විසින් මේක දැඩිව අරගෙන තවත් ප්‍රහාරාත්මක තැනකට ගියොත් නැවත ඒක හොඳ දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ." 

කථානායක ආචාර්ය අශෝක රංවල මහතා ඊයේ (24) පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදුටුවේය.


කථානායක ආචාර්ය අශෝක රංවල - "පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතා අපේක්ෂාවන් අරමුණ කරගෙන සියලුදෙනා සාමුහිකව වැඩකරනවා."

මල්වතු පාර්ශ්වයේ මහානායකඅතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි -  "වසර කිහිපයකට ඉහතදී අපි දැක්කා කථානායකකුමාටත් හිරිහැර වෙන විදිහට වැඩවෙනවා. මම හිතන්නේ නැහැ ආයෙත් එහෙම වෙයි කියලා."

කථානායක ආචාර්ය අශෝක රංවල - "ඒ සංස්කෘතිය ඉවරයි අපේ හාමුදුරුවනේ."  

අනතුරුව ඒ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ද බැහැදුටුවේය.


අස්ගිරි පාර්ශ්වයේ මහානායක  අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි - "ජනතාව හිතපු ජයග්‍රහණය ලැබුණා කාටත් සන්තෝෂයි. හැබැයි කිහිපදෙනෙකුට ඇරෙන්න. ලොකු සේවයක් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලාගෙන්."


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads