Iklan

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ගැන අධිකරණයෙන් නියෝගයක්

Tuesday, November 19, 2024
Last Updated 2024-11-19T16:45:50Z
masukkan script iklan disini

 


යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩ තහනමට ලක් කර පසුව අනිවාර්යය නිවාඩු යැවූ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව සිදු කරන පරීක්ෂණ කටයුතු මාස තුනක කාලයකදී අවසන් කරන ලෙස ජාතික පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියෝග කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ නියෝග කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෙයිරාජා සහ දිලිප් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads