Iklan

වෙළෙඳසැල් හිමිකරුට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය

Wednesday, November 20, 2024
Last Updated 2024-11-19T18:45:21Z
masukkan script iklan disini

 


වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. 


ඊයේ (18) එම සිදුවීම වාර්තා වී තිබුණේ, ඇල්පිටිය පොලිස් වසමේ නවදගල ප්‍රදේශයේදීය. 


එලෙස මියගොස් ඇත්තේ, 63 හැවිරිදි ඉහළ නවදගල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


බීමත්ව වෙළෙඳසැලට පැමිණි පුද්ගලයෙකු විසින් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.


සැකකරුද තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.


සැකකරු වයස අවුරුදු 34ක් වන නවදගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 


ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads