Iklan

FIFA ලෝක කුසලානයට ඉදිවන ක්‍රීඩාංගණය

Wednesday, November 20, 2024
Last Updated 2024-11-19T18:42:10Z
masukkan script iklan disini

 


2034 වසරේ සවුදි අරාබියේදී පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සවුදි අරාබියේ ඉදිකිරීමට නියමිත නව පාපන්දු ක්‍රීඩාංගණයේ සැලැස්ම ඊයේ පළමුවරට මාධ්‍යට නිකුත් කළේය.



මෙම ක්‍රීඩාංගණය 2029 වසරේදී ඉදිකර අවසන් කිරීමට නියමිතයි.


2034 වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය ලබාදීමට නිතරගයෙන් තේරී පත්වී ඇත්තේ සවුදි අරාබියයි.


ඒ සත්කාරක රට තෝරාගැනීම වෙනුවෙන් 2023 අවසානයේ නියමිත කාලසීමාවට පෙර විධිමත් ලෙස ලංසුවක් ඉදිරිපත් කළ එකම රට සවුදි අරාබිය වීම නිසාවෙනි.


තරගාවලිය පැවැත්වෙන දින තවමත් තීරණය කර නොමැති අතර 2034 පාපන්දු ලෝක කුසලානයට කණ්ඩායම් 48ක් එක්වීමට නියමිත බව සඳහන් වෙයි.


සවුදි අරාබියේ නගර 15ක් කේන්ද්‍ර කරගනිමින් 2034 ෆිෆා පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට සැලසුම් කර ඇත.


මෙම පාපන්දු ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සවුදි අරාබියේ රියාද් නගරයේ නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට එරට රජය තීරණය කර තිබේ.


ඒ අනුව එම ක්‍රීඩාංගණයේ සැලැස්ම පිළිබඳ විඩියෝවක් ඊයේ මාධ්‍යට නිකුත් කෙරුණි.


ප්‍රේක්ෂකයන් අනූ දෙදොහකට අසුන්ගත හැකි ආකාරයට මෙම ක්‍රීඩාංගණය ඉදිවීමට නියමිතය.


මෙම ක්‍රීඩාංගනයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක් සහ යාබද සශ්‍රීක භූ දර්ශනය සමඟ මිශ්‍ර කරමින් මෙම ක්‍රීඩා සංකීර්ණය සැලසුම් කර තිබේ.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads