Iklan

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

Sunday, November 24, 2024
Last Updated 2024-11-24T04:17:49Z
masukkan script iklan disini

 


ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙයි.


IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.


2025 IPL ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


ඊට අදාළ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව IPL තරග සංවිධායකයින් ඉකුත්දා නිවේදනය කළේය.


2025 ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචිව සිටි අතර කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයන් 574 දෙනෙක් පමණි.


ඉන් ක්‍රීඩකයින් 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 208 දෙනා විදෙස් ක්‍රීඩකයින්ය.


කණ්ඩායම් 10ක් විසින් වෙන්දේසියේදී ක්‍රීඩකයන් 204 දෙනෙකු මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත අතර ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින්ය.


මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 29 දෙනෙකු ලියාපදිංචිව සිටියත් ඉන් වෙන්දේසියට ඇතුළත් කිරීමට තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් 19 දෙනෙකු පමණි.


වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණව ඉන්දීයන් රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයෙන් ඉදිරිපත් කෙරෙනු ඇති.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads