Iklan

අන්තර්ජාල තරගයකට මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට.

Monday, December 2, 2024
Last Updated 2024-12-03T05:36:23Z
masukkan script iklan disini

අන්තර්ජාලය හරහා ව්‍යාජ ගිණුමක් සකස් කර පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල්, වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු බලන්ගොඩ පොලීසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


 සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ස‍ඳහන්. 


 බලන්ගොඩ - ඕපනායක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.


 අන්තර්ජාල හරහා මුදල් දිනුම් අදින තරගයකට මෙම ඕපනායක ප්‍රදේශයේ පදිංචි නියෝජිතයින් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්. 


 සැකකරු, ඔිපනායක ප්‍රදේශයේ සිටින නියෝජිතයෙකු නමින් පෙනී සිට පුද්ගලයන්ගේ මුදල්, ඔහුගේ ගිණුම්වලට තරගකරුවන් හරහා ගෙන්වා ගෙන තිබෙන බවටයි මුලික විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ. 


 තවත් ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් මොහු ව්‍යාජ ලෙස පෙනී සිට මුදල්, වංචා සහගත ලෙස තම බැංකු ගිණුම්වලට ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වු බවයි පොලීසිය සඳහන් කළේ. 


 සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads