masukkan script iklan disini
මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී අද (16) උදෑසන ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් දියනිය එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා තුවාල ලබා ඇති බව සඳහන්.
යතුරුපැදියේ ගමන්ගත් පියා හා දියණිය වාහනයේ ගැටී ඇදවැටී ඇති අතර එම අවස්ථාවේදී වෙනත් වාහනයකට දියණියගේ හිස යට වී ඇති බව වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවියක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

