Iklan

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උත්සව සමයේ විශේෂ වැඩපිළිවෙළක්

Sunday, December 8, 2024
Last Updated 2024-12-10T03:14:46Z
masukkan script iklan disini

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 


 එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සඳහා අනියුක්ත කර ඇති බවයි .


 උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව ද මෙහිදී පරීක්ෂාවට ලක්කරන බව උපුල් රෝහණ මහතා සදහන් කළා.


 දෙසැම්බර් මස පළමු වන දින සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා වැටලීම් 150කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads