Iklan

උත්සව සමයේ හිගයකින් තොරව බිත්තර සහ කුකුල් මස් ලබාදීමට පියවර

Sunday, December 8, 2024
Last Updated 2024-12-10T03:16:00Z
masukkan script iklan disini

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා. 


 මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 


 රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින් ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවත් ඒ අනුව රුපියල් 45කට අඩුවෙන් බිත්තරයක සිල්ලර මිල පවත්වාගෙන යාමට අපෙක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.


 එමෙන්ම වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.


කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads